
ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY'S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබේ.
ඒ ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නංවා දින කිහිපයක් ඇතුළතදීය.
MOODY'S ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් " Ca සිට Caa1 දක්වා ඉහළ නංවා තිබේ.
මෙහිදී MOODY'S ආයතනය වඩාත් සැලකිල්ලට ගෙන ඇත්තේ මෙරට ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 12.55 ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා එකඟතාවයකට පැමිණීමයි.
නව ශ්‍රේණිගතකිරීම් තුළින් බාහිර අවදානම් සහ රජයේ ද්‍රවශීලතා අවදානම් අඩුවීම මෙන්ම මූල්‍ය සහ ණය තිරසරභාවය පිළිබඳ අපේක්ෂාවන් පිළිබිඹු වන බව MOODY'S ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval