
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි.
වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවක වන ඒ මහතා අද (14) පාන්දර 5.30 ට පමණ ශාරීරික ව්‍යායාම් කටයුතු සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඔහුගේ මෘත ශරීරයරය තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
ඔහු ව්‍යායාම් කටයුතු සිදු කරන අතරතුර කිසියම් පුද්ගලයෙකු ඔහු වාහනයකින් හප්පා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර වත්තේගම නගරයේ ඇති ආවේක්‍ෂණ කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් අපරාධකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
( ෂේන් සෙනෙවිරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval