
මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ දී දෙසැම්බර් 15 වන දින සිදුවූ රිය අනතුරකින් මහනුවර ගැටඹේ මහානාම විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක මරණයට පත්විය.
ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි ඉෂාලා දේශානි කැතිකැනැල්ල නම් වූ මෙම 17 හැවිරිදි සිසුවිය, පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා තම පියා සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී අනතුරට ලක්විය. වැසි සහිත කාලගුණය හේතුවෙන් යතුරුපැදිය ලිස්සා යාමෙන් සිසුවිය මාර්ගයට වැටී, පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගමන් කළ අතර, එම ස්ථානයේදීම මිය ගියාය. යතුරුපැදිය පැදවූ ඇගේ පියාට කිසිදු හානියක් සිදුවී නොමැත.
පොලිසිය විසින් අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ මෙහෙයවීම යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝට්ටේගොඩ ප්‍රමුඛ කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments
Post a Comment
Your comment will be visible after approval