kalutara-incident

කළු­තර උතුර ගාලු පාරේදී සිය රෝද පුටුවේ රෝදය ගැලවී අස­ර­ණව සිටි යාචක පුද්ග­ල­යෙ­කුට ඒ අසල රාජ­කාරි කළ පොලිස් සැර­ය­න්ව­ර­යකු රෝදය සකස් කර රෝද පුටුව තල්ලු කර­ගෙන ගොස් ඔහුට සහාය වන අයුරු දැක­ගත හැකි විය.



මෙසේ සහාය වූයේ කළු­තර කොට්ඨාස රථ­වා­හන අංශ සැර­යන් (11341) ඩබ්ලිව්.පී.කේ. සම­න්ති­ලක මහ­තාය.

පාද දෙකෙ­හිම ආබාධ සහි­තව රෝද පුටු­වෙන් ඊයේ (19) දහ­වල් දැඩි අව් රශ්මිය පැවති කාලයේ ගාලු පාරේ වාද්දුව දෙස සිට කළු­තර දෙසට ගමන් කර­මින් සිටි­යදී රෝද පුටුවේ වම්පස රෝදය ක්‍රියා විර­හි­තවී රෝද පුටුව එක තැන නතර විය.

මෙය දුටු මගීන් කිහිප දෙනෙකු ඉවත බලා යද්දී ඒ අසල රාජ­කාරි කර­මින් සිටී සැර­ය­න්ව­රයා රෝදය සකස් කර දී ටික දුරක් රෝද පුටුව තල්ලු කර­ගෙන ගොස් ඔහුට සහාය විය.



ගිනි අව්වේ සිය රාජ­කා­රිය ද මොහො­ත­කට පසෙක දමා රාජ­කාරි කළ සැර­යන් සම­න්ති­ලක මහ­තාගේ ක්‍රියාව සමා­ජයේ ඇග­යී­මට ලක්විය යුතුව ඇත.
(පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක)