
නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ,අතුරුගිරිය ඔරුවල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම් කේ ලක්ෂ්මන් නමැති වයස අවුරුදු 55 ක දෙදරුපියකි.
වසර දෙකක පමණ කාලයක සිට එම නිවසේ මේ කාර්ය සේවයේ යෙදී සිටින මියගිය මෙහෙකරු ඊයේ (25) සවස නිවසින් පිටවගොස් ගොස් යළි නිවස ඉදිරිපිටට පැමිණ ඉතා අපහසුවෙන් සිට නිවස ඉදිරිපිට රෝලර් ගේට්ටුවෙන් පිටත මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.
මේ බව නොදත් නිවෙස් හිමිකාරිය අවශ්‍යතාවයක් සඳහා නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය රැගෙන රෝලර් ගේට්ටුව හරහා මෝටර් රථය පිටුපසට ගැනීමේදී නිවස ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි මෙහෙකරුගේ ශරීරය මතින් ගොස් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
Comments
Post a Comment
Your comment will be visible after approval