
/div>
ඊශ්‍රායලයේ රැකියාවට යවන බව පවසා මුදල් වංචා කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විදේශ සේවා නියුක්තිය සඳහා පුද්ගලයන් යොමු කිරීමට බලපත්‍ර නොමැතිව ක්‍රියා කිරීම යන චෝදනාවන් සඳහා විවෘත අධිකරණයේදි සැකකරු වරදකරු බවට පත්විය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලිහිල් දඬුවමක් සැකකරුට ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීය.
පළමු චෝදනාව සඳහා අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ
රුපියල් 1500 දඩ මුදලක් නියම කළ අතර එය නොගවන්නේ නම් සති දෙකක සිර
දඬුවමක් නියම කළේය.
දෙවන චෝදනාවට දඬුවම් නියම නොකෙරුණු අතර තුන්වන චෝදනාව සඳහා
අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ
මුදලක් ද එය නොගන්නේ නම් සති දෙකක සිර දඬුවමක් මහේස්ත්‍රාත්වරයා නියම
කළේය.
(කල්පනි අබේසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval