
ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ආන්දෝලනාත්මක හිජාබ් නීතිය අත්හිටුවා ඇත. ඒ නීතිය බලාත්මක වීමට තිබුණේ පසුගිය සිකුරාදා වන අතර ඉරාන ජනපති මසෞද් පෙසෙෂ්කියන් නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වේ.කාන්තාවන් හිස කෙස්, අත්, දෙපාවල පහළ කොටස නිරාවරණය වන ලෙස සිටීමට එරෙහිව දැඩි දඬුවම් පනවා තිබිණි.
මේ නීතිය සහ දඬුවම් මානව අයිතිවාසිකම් ක්‍රියාකාර්න්ගේ දැඩි විවේචනයට ලක්වී තිබිණි. කාන්තාවට දැඩි ලෙස පනවා තිබූ ඇඳුම් සම්බන්ධ නීතිවලට ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතාවක් ලබාදී තිබිණි.දැවැන්ත උද්ඝෝෂණයකට බලපෑවේ මේ නීතියය. 2022 හිජාබ් පැලඳ නොසිටි මාෂා ආමිනී ඝාතනයත් සමඟ රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ඇති විණි. පසුගිය වසර දෙකක කාලයේදී ඇතැම් කාන්තාවන් හිජාබ් ඉවත් කර නීතිය අවඥාවට ලක්කරන ලදී.බලාත්මක කිරීමට නියමිතව තිබුණේ ඇඳුම් සම්බන්ධ නීතිය අවඥාවට ලක් කරන්නන්ට බරපතළ දඩ පැනවීමට සහ 15 වසරක් සිරගත කිරීමට පනවා තිබූ නීතියයි. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර සමයේ පෙසෙෂ්කියන් කාන්තාවන් නීතිය නිසා පීඩාවට පත්වීම. විවේචනය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval