
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට සෘණ 1.7 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය සියයට සෘණ 0.7 ක් ලෙස වාර්තා වූ බවයි.
එම මාසයේ දී සියයට 1.3 ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය පසුගිය මාසයේ දී සියයට 0% ක් දක්වා අඩුවී තිබෙයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 2.3 සිට සියයට සෘණ 3.1 ක් දක්වාද පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට ඊයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් ඇත. එය දැක්වුනේ ඒකක 15,047.81 ක් ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval