
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
මෙම මළසිරුර හාලිඇල ගලඋඩ උදේනිගම පදිංචිව සිටි ආර්.ඩී.ධම්මිකා ලතා (42) නැමති තිදරු මවගේ බවට මරණකාරියගේ සැමියා විසින් හඳුනාගත් බවද පොලිසිය සදහන් කරයි.
මෙම කාන්තාව කිසියම් රෝගී තත්වයකින් පෙලෙමින් සිට ඇති බවත් , ඇය ඉකුත් 18 වන දින උදෑසන සිට නිවසින් අතුරුදහන් ව ඇති බවට ඇයගේ සැමියා විසින් කන්දෙගෙදර පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පැවසයි.
ලැබුණු තොරතුරක් මත බුලුගහමඩවැවේ පාවෙමින් තිබූ මෙම කාන්තා මළසිරුර සොයා ගන් බව පොලිසිය සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval