
පසුගිය මහමැතිවරණයෙන් ලැබී ඇති ප්‍රතිඵලය අනුව සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු ආසන 2 ක් තිබූ අතර ඒ සඳහා පත්කරන අය කවුරුන්ද යන්න ගැන විශාල විවාදසම්පන්න තත්වයක් පැවතිණි.
අයථා ලෙස තම පක්ෂ බලය පාවිච්චි කරමින් රවි කරුනානායක මහතා එම එක් අසුනක් සඳහා ලේකම්වරිය ලියූ ලියමක් අනුව පත් කළ පසුව ඒ ගැන විවිධ ආකාරයේ විවේචන මතු විය.
ඒ අනුව එම පක්ෂයේ ඉතිරිව තිබූ ජාතික ලැයිස්තු අසුනට කෙනෙකු නම් කිරීම කල් ගොස් තිබූ නමුත් අද (10) වාර්තා වන්නේ ඒ සඳහා ෆයිසර් මුස්තාෆා මහතා පත්කරන්නට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval