
අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා මේ බව තහවුරු කළේ ය.
ඩොනල්ඩ් ලූ සමග අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් අද අලුයම 2:55 ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් මෙරටට වෙත පැමිණ තිබේ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval