
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ ඊයේ (20) පැවති රැස්වීමකදී චානක හා ජොන්ස්ටන් එම තනතුරු සඳහා තෝරාගෙන ඇත.
එළැඹෙන පුංචි ඡන්දයේදී පක්ෂය නගාසිටුවීම තමන්ගේ අරමුණ බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර පසුගිය දිනෙක පුවත්පතක් හා කළ සාකච්ඡාවකදී උදයංග වීරතුංග ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂට නැවත ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමට හැකියාවක් නැති බවයි. ඒ අනුව පොහොට්ටුවේ ප්‍රතිසංවිධාන කටයුතු මහින්ද අතින්ම සිදුවන බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval