
පාතාලයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
විද්‍යුත් නාලිකාවක් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණ කාරණා මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකියි.
පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා, බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නොවෙයි අවිස්සාවේල්ල. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා. අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ. අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි.
මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.
අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලායි. ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා. මේක ඇතුළේ පටු අවස්ථාවාදී දේශපාලනයක් තියෙනවා.
(සුභාෂිණි සේනානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval