
තම ජංගම දුරකතනය සහ අත්ඔරලෝසුව සොරකම් කළැයි උරණ වී පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට කිනිස්සකින් පපුවට ඇන ඝාතනය කර ඇති බව පාණදුර උතුර පොලීසිය පවසයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැති බවත් පොලීසිය පවසන අතර, ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදාගත් බව කියන කිනිස්සද පොලිස් භාරයට ගෙන තිබේ. පාණදුර, හොරේතුඩුව ප්‍රදේශයේ චන්ද්‍රසේකර මාවතේ අතුරු මාර්ගයක පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදු කිරීමේදී පපුවේ ගැඹුරු කැපුම් තුවාලයක් සහිතව වැටී තිබූ මළසිරුර
සොයාගත් බව පොලිසිය කීය. සැකකරු සහ ඔහුගේ බාප්පා එකම නිවෙසේ පදිංචිව සිට ඇති අතර, බාප්පාගේ හැඳුනුම්කම මත මරණකරු එම නිවෙසට යෑම් ඊම් කර තිබූ බව සඳහන් වේ. මරණකරු දින කිහිපයකට පෙර මරණකරුගේ ජංගම දුරකතනයක් සහ අත් ඔරලෝසුවක් සොරකම් කර ඇති අතර, "උඹ ආයේ මෙහේ එන්න එපා යැයි" සැකකරු දන්වා ඇති බවද පොලීසිය කීය. මරණකරු පෙරේදා (25) පස්වරුවේ යළි නිවෙසට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර කිසියම් වචන හුවමාරුවක් සිදුව ඉන් පසු තියුණු කිනිස්සෙන් පපුවට ඇන ඇති බව
සැකකරුගේ ප්‍රකාශවලින් හෙළිව ඇතැයිද පොලීසිය කීය. පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරන ලදි. සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් පරීදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති.
Comments
Post a Comment
Your comment will be visible after approval