
ඉදිරිපස රෝදය ඔසවා තනි රෝදයෙන් ධාවනය කළ අනුරාධපුර අධි බලැති යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය කළ යතුරුපැදියක් අනුරාධපුර, ලෝළුගස්වැව, අලුත්පාර ප්‍රදේශයේදී පෙරේදා (15දා) පස්වරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇත.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික වැඩ සහායකවරයකු වන අනුරාධපුර ලෝලුගස් වැව ග්‍රාමප්‍රබෝධ මාවතේ පදිංචිව සිටි අටුලුගමගේ රංජිත් නමැති අයකු මෙම අනතුරින් මියගොස් ඇත.
පෙරේදා දහවල් 1.00ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.
එම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇත.
මියගිය අය සිය යතුරුපැදියෙන් ලෝලුගස්වැව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් අපරීක්ෂාකාරී ලෙස ඉදිරිපස රෝදය ඔසවා පසුපස තනි රෝදයෙන් පමණක් අධික වේගයෙන් ධාවනය කොට ඇති අධි බලැති යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මේ පිළිබඳව විමර්ශන පවත්වන අනුරාධපුර පොලිසිය පවසයි.
විසි දෙවැනි වියෙහි පසුවන මෙම අනතුර සිදුකළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශෂික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
අනුරාධපුර – පර්සි කුරුනේරු
Comments
Post a Comment
Your comment will be visible after approval