
ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ පනිවිඩ කිහිපයක් දැනුම් දුන්නේය.
ලබන වසරේ පෙබරවාරි පළමුවැනි දින සිට වාහන ආනයනය කිරීමට ඉඩ ලබා දෙන බව ඔහු කීය.
2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ අතර 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බව කීය.
එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී පැවසීය.
උපයන විට ගෙවන බදු සීමාව රු. 100,000 සිට රු. මසකට රුපියල් 150,000ක් දක්වා වැඩි කිරීමට අයිඑම්එෆ් සමාලෝචනයේදී හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
අද පාර්ලිමේන්තුවට පැමිණියේ සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ පැය කිපයකිනි.මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා, උප ජනාධිපතිවරයා, විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කරනු ලැබු අතර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval