
කැබිනට් මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 15 වැනිදා ඉන්දීය සංචාරයක් ආරම්භ කරන බවයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ද ඔහු සමඟ එක් වන බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා දෙසැම්බර් 15 සිට 17 දක්වා ඉන්දියාවේ සංචාරය කරන අතර එහිදී ඉන්දීය ජනාධිපතිනිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval