
කිළිනොච්චිය නගරය ආසන්නයේදී පසුගියදා (25) රාත්‍රී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් වයස අවුරුදු දෙකක දැරියක් මියගොස් එම පවුලේ තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.
ඒ-9 මාර්ගයේ සිදු වූ මෙම අනතුරින් ටිපර් රථයේ ගැටුණු යතුරුපැදිය මීටර 100ක් පමණ දුරට ඇදී ගොස් තිබේ. අනතුර සිදුවීමත් සමඟම එම ස්ථානයට පැමිණි ප්රදේශවාසීන් තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර,
ටිපර් රියැදුරා එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බව ප්‍රෙද්ශවාසීහු පවසති. අනතුරත් සමඟම රියැදුරා පලා ගොස් ඇති අතර, කිළිනොච්චිය පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මියගිය දැරියගේ මව, පියා හා ඇගේ සහෝදරියයි. තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන්ව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ. කිළිනොච්චිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(රසුල දිල්හාර ගමගේ)

Comments
Post a Comment
Your comment will be visible after approval