Teacher-who-sent-obscene-messages-to-student-beaten-by-parents-at-school

පාසල් ගුරුවරුන් දරුවන් දැනුවත් කර සමාජයේ දියුණුවට ඔවුන්ට මග පෙන්වයි. නමුත් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්  ප්‍රාන්තයේ හාමීපූර්හි ගුරුවරයකු කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි.
දැන් ඔහුට පහරදෙන වීඩියෝවක් එරට පැතිරෙමින් පවතී. එම ගුරුවරයාගේ පන්තියේ සිසුවියකගේ පවුලේ සාමාජිකයින් ගුරුවරයාට පහර දෙන අයුරු වීඩියෝවේ දැක්වෙයි. නමයේ පන්තියේ සිසුවියකට අසභ්‍ය පණිවිඩ යැවීම නිසා ගුරුවරයාට පහර දී ඇති බව වාර්තා වේ.


හාමීපූර්හි රජයේ පාසලක උගන්වන මුකේෂ් චෞරාසියා මෙම සිදුවීමෙන් පහරකෑවේය.

ඔහු කාලයක් තිස්සේ නවය ශ්‍රේණියේ දැරියන්ට අසභ්‍ය පණිවිඩ සහ වීඩියෝ යැවීමට පුරුදුව සිටි බවත් එතුළින් සිසුවියන් වරදට පොළඹවා ගන්නට උත්සාහ කළ බවත් පැවසිණි.
නමුත් බොහෝ සිසුවියන් ලජ්ජාවට මේ දේ සඟවා ගෙන සිටි නමුත් එක් සිසුවියකගේ මාපියන්ට එය එලිවිණි.
එක්  සිසුවියක තම පවුලේ සාමාජිකයින්ට මේ බව කියා සිටිමෙන් පසු පවුලේ උදවිය පාසලට ඇතුළු වී ගුරුවරයාට පහර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. ඒ වගේම පවුලේ අයගේ පැමිණිල්ලට අනුව පවුලේ උදවිය ගුරුවරයාට විරුද්ධව මානව හිමිකම් නඩුවක්ද ලියාපදිංචි කර ඇත.
Video below