
ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබා දීම සඳහා ගෙන තිබූ තීරණය තුළින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයන් ඉදිරිපත් කර ඇති නිර්දේශ 3 අතරින් සුදුසු නිර්දේශයක් තෝරා වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස්වරයාට අද(31දා) නියෝග කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටද මෙහිදී නියෝග කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval