
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ සුඛෝපභෝගී රථයක් බුත්ගමුව ඔයට වැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ සහෝදරයන් වන තරුණයින් දෙදෙනෙකු අද (23) උදේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදු කරනු ලැබූ පරීක්ෂණ අනුව හෙළිව තිබේ.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජිප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුළ සිර වී සිටි තරුණයින් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව හඳුනාගෙන තිබේ.
මියගිය දෙන්නා අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව අනාවරණය වී ඇත.
මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජායාරූප - D.Lakshan

Comments
Post a Comment
Your comment will be visible after approval