
රියදුරු හා රියදුරු සහයක නොමැති වීමෙන් අද දින දුම්රිය ගමන් වාර 33 අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
ඒ අනුව, අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය
ගමන් වාර 10 ක් අවලංගු වූයේ රියදුරු හා රියදුරු සහයකවරුන් සේවය සඳහා වාර්තා නොකිරීම නිසාවෙනි.
මේ වන විට තවත් රියදුරු හා රියදුරු සහයකයන් නොමැතිවීම මත අද දිනය තුල තවත් දුම්රිය ගමන් වාර 23ක් අවලංගු කිරිමට සිදුව ඇත.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 13 ක් ද , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8 ක් ද පුත්තලම් මාර්ගයේ 06 ක් හා කැලණිවැලි මාර්ගයේ 06 ක් ලෙසින් දැනට අද දින තුල දුම්රිය ගමන් වාර 33 ක් අවලංගු වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval