
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි නොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙක්, ඊයේ (24) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
25 හැවිරිදි මොහු මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන්නෙකි.
ඔහු ඊයේ (24) අලුයම 12.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. මොහු මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන මෙම මස 27 දින, නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
(ටී.කේ.පී.කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval