
ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය සහ ඔහුගේ බිරිඳ වන ප්‍රීති රන්දෙණිය නැවතත් ප්‍රේමණීය අතීතයට පිවිසෙමින් ස්වකීය විවාහ දිවියේ පනස්වැනි සැමරුමට නව යුවළක් ලෙසින්ම පැමිණි උත්සවයක් පසුගියදා පවත්වා තිබුණි.
කොළඹ, බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී පැවති මෙම සැමරුමට එක්වූ ඔවුන් දෙපළට ආදරය කරන බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළහ. රවීන්ද්‍ර රන්දෙණිය විවාහ වී සිටින්නේ නිළියක් ද වන ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්න (රන්දෙණිය) සමඟයි.
ඔවුන් වසර 50 කට පෙර විවාහ වී තිබුනේද මෙම ස්ථානයේදී වීම විශේෂිතය.
මෙම යුවළ 1974 ඔක්තෝබර් 31 දින ශ්‍රී ලංකාවේ බොරැල්ලේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී විවාහ ගිවිස ගත්හ.
ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිති: පුතුන් දෙදෙනෙක් සහ දියණියකි.
පුතුන් සචින්ද්‍ර නිර්මාල් සහ සමීර මානාබරණ වන අතර සහ දියණිය උමයංගනා ඉන්ද්‍රචාපාය.
ප්‍රීති ඇගේ රංගනය දිගටම සිදු කරේ නැති නමුත් කිවිඳියක සහ ළමා පොත් වල කතුවරියක ලෙස ප්‍රසිද්ධය.

Comments
Post a Comment
Your comment will be visible after approval