
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මහාචාර්ය වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සහ වගකීම් විරහිත භාවය හේතුවෙන් තම බිරියගේ මරණය සැක සහිත බව පවසමින් පිළියන්දල ප්‍රදේශයේ සැමියකු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දෙමටගොඩ පොලිසිය කියයි.මියගොස් ඇත්තේ පිළියන්දල නාමපමුණුව පදිංචි තැනැත්තියකි.
මියගිය කාන්තාව පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටියදී දරු ගැබට මාස පහක් ගතවෙද්දී රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍යවරයකු හමුවීමෙන් අනතුරුව ගැබ් තුළ සිටින දරුවාගේ වකුගඩුවල ගැටලුවක් හේතුවෙන් බිරියගේ ජීවිතයට අවදානමක් ඇති බව ඇනෝමල් පරීක්ෂාවක් මගින් දැන ගැනීමට ලැබී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව ඒ සඳහා පැමිණිලිකාර සැමියා බිරිය වෙනත් පෞද්ගලික රෝහලකට ගොස් මහාචාර්ය වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.එම අවස්ථාවේ දී එම වෛද්‍යවරයා පැමිණිලිකරු හා පවසා ඇත්තේ බිරියගේ ජීවිතය පමණක් බේරා ගැනීමට හැකි බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත් ප්‍රතිකාර සිදු කිරීමට එකග වන්නේ නම් රුපියල් 2,50,000 ක මුදලක් වැය වන බවත් පවසා ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
ඒ අනුව මීට දින කීපයකට ඉහත දී පැමිණිලිකරු ඔහුගේ බිරිය දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් වෛද්‍යවරයා වෙත ඔහු දැනුම් දුන් මුදල් ගෙවා ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී ගැබිනි කාන්තාවට අධික ලෙස රුධිරය වාහනය වී අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
තම ඇස් ඉදිරිපිටදීම බිරිඳ ඉතා අසාධ්‍ය තත්වයට පත්ව සිටිනු අයුරු බලා සිටීමට නොහැකිව සැමියා අවස්ථා කීපයකදීම ඇය ජාතික රෝහල වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකර වෛද්‍යවරයා ඔහු සේවය කරන පෞද්ගලික රෝහල වෙත රැගෙන ගොස් තිබූ බව ද ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.එම රෝහලේ දී පැය එකහමාරකට පමණ පසුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලිකාර සැමියා පිළියන්දල පොලිසියට ප්‍රකාශයක් මගින් පැමිණිලි කර දැනුම් දී ඇති අතර සිදුවීමට මුල් වූ ස්ථානය දෙමටගොඩ පොලිස් වසමේ බැවින් පැමිණිල්ලේ මුල් පිටපත් සමගම දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට කැඳවා විමර්ශන සිදු කිරීමට නියමිත අතර අධිකරණයට ද කරුණු වාර්තා කිරීමට ද නියමිතය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval