
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය දැන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහත්තයා තනතුරෙන් අයින් වුණාද, නැත්නම් කවුරු හරි එයාව අයින් කළාද කියලා.
මේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහත්තයා කියනවා මහීපාල මහත්තයා හොඳ නිලධාරියෙක් කියලා. එයාගේ වැඩ විදිහ ගැන කියද්දී:
නවීන විදියට තීරණ ගත්තා. පරිපාලනය හොඳින් කළමනාකරණය කළා, වෛද්‍ය සහ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල දෙගොල්ලන්ටම සමානව සැලකුවා, දේශපාලන බලපෑම්වලට යට වුණේ නැහැ සහ ජාත්‍යන්තර අත්දැකීම් තිබුණා කියල පැහැදිලි කර තිබෙනවා.
කුමුදේශ් මහත්තයා තව කියනවා මේ විදිහට හොඳ නිලධාරියෙක් අයින් කළා නම්, ඒකට හේතුව මොකක්ද කියලා රටට කියන්න ඕනේ කියලා. එයා බය වෙනවා මේක තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් පුටුවේ තියාගන්න කරපු වැඩක් නම්, ඒක අලුත් ආණ්ඩුවේ යහපාලනයට හොඳ නැහැ කියලා.
වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වුනේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත වෛද්‍ය පරිපාලකයෙක් විදිහට. ඔහු තවදුරටත් සේවයේ නොතිබීම ගැන සෞඛ්‍ය අංශ විමතිය පළ කර තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval