narahenpita-incident

නාරා­හේ­න්පිට හැව්ලෝක් නිවාස සංකී­ර්ණය අසල පිහිටි උද්‍යා­න­පුර, ඇළ­ක­ණ්ඩිය ප්‍රදේ­ශයේ මළ ගෙද­ර­කදී දෙපි­රි­සක් අතර ඇති වූ ගැටු­ම­කදී ප්‍රති­වාදී කණ්ඩා­යමේ අයකු මන්නා­ව­ලින් හා කඩු­ව­ලින් පහ­රදී කපා කොටා ඝාත­නය කිරීමේ චෝද­නා­වට වැර­දි­ක­රු­වන් වූ තොට­ළඟ ප්‍රදේ­ශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් 6 දෙන­කුට කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් ඊයේ (29) මරණ දඬු­වම නියම කළේය.
මරණ දඩුවම නියමවූවන් නැවත අධිකරණයේ සිට රැගෙන යද්දී හඩා වැලපෙමින් සංවේදී අවස්ථා කිහිපයක් දැකගත හැකි විය.
විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා පැමි­ණිල්ල සාධා­රණ සැක­ය­කින් තොරව සනාථ කර ඇති බව තීර­ණය කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා චුදි­ත­යන් වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට ගෙන ගොස් ජනා­ධි­ප­ති­ව­රයා තීර­ණය කරන දිනෙක ප්‍රාණය නිරුද්ධ වන තෙක් ගෙල සිර­කර එල්ලා මරා දැමී­මට නියම කළේය. මෙලෙස මරණ දඬු­වම නියම වූයේ 2016 වසරේ ජූලි 20 වැනිදා නාරා­හේ­න්පිට, ඇළ­ක­ණ්ඩිය ප්‍රදේ­ශයේ දී මරණ ගෙද­ර­කදී සිදු වූ ආර­වු­ල­කදී විදා­නගේ ආර­ච්චි­ලාගේ මංජුල මහේෂ් යන අයගේ මර­ණය සිදු කිරීමේ චෝද­නා­වට වැරැ­දි­ක­රු­වන් වූ විත්ති­ක­රු­වන් 6 දෙන­කු­ටය.



මිය­ගිය අයගේ මර­ණය සිදු කළ තැනැත්තා කව­රෙක්ද යන්න නඩු විභා­ග­යේදී නිශ්චි­තව අනා­ව­ර­ණය නොවූ­වද විත්ති­ක­රු­වන් කඩු, මන්නා ආදිය මඟින් පහ­ර­දී­මෙන් මර­ණ­කරු මිය­ගිය බව සනාථ විය. එමෙන්ම චුදි­ත­යන් පහර දීමට සම්බන්ධ වූ බවට හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­වේදී සහ සාක්ෂි විභා­ග­යේදී අනා­ව­ර­ණය විය. සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ය­කදී ඝාත­නය සිදු කළ තැනැත්තා නිශ්චි­තව හඳුනා නොගත්ත ද එම අප­රා­ධ­යට සම්බන්ධ සියලු දෙනා සාමූ­හි­කව එම වර­දට බැඳෙන බව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පූර්ව නඩු තීන්දු උපුටා දක්ව­මින් කරුණු දක්වා සිටි­යේය. ඒ අනුව විත්ති­ක­රු­වන් මනුෂ්‍ය ඝාතන චෝද­නා­වට වර­ද­ක­රු­වන් කිරී­මට අධි­ක­ර­ණය තීර­ණය කළේය.

මිය­ගිය තැනැ­ත්තාට අම­ත­රව විත්ති­ක­රු­වන් කළ පහ­ර­දී­මෙන් තවත් තැනැ­ත්තන් දෙදෙ­නකු මර­ණීය තුවාල ලැබු­වේය. පහ­ර­දී­මට කඩු, මන්නා ඇතුළු තියුණු ආයුධ භාවිත කර ඇති බව නඩු විභා­ගයේ දී අනා­ව­ර­ණය විය. පහ­ර­දී­මට විත්ති­ක­රු­වන්ට අම­ත­රව තවත් නම් නොදන්නා 20 දෙනකු පමණ සහ­භාගී වී ඇති බව හෙළි විය. මොවුන් සිද්ධිය වූ දින දහ­වල් 2.00ට පමණ තොට­ළඟ සිට ත්‍රීවි­ලර් රථ­ව­ලින් පැමිණ ඒවා අසල පිහිටි ජාත්‍ය­න්තර පාසල අස­ලදී නවත්වා පාග­ම­නින් සිද්ධිය වූ ස්ථාන­යට පැමිණ ඇත.

අන­තු­රුව විත්ති­ක­රු­වන් කෑකෝ ගස­මින් මර­ණ­ක­රුට හා ඔහුගේ පවුලේ අයට කඩු හා මන්නා­ව­ලින් පහ­රදී ඇත. ගැටුම බේරී­මට පැමිණි තැනැ­ත්තන්ට ද ගල් මුගු­රු­ව­ලින් පහර දී ඇති අතර අවට නිවා­ස­ව­ල­ටද පහර දී ගම්වැ­සි­යන් ත්‍රාසය දන­වන ආකා­රයේ විශාල භීෂ­ණ­යක් ඇති කර ති‍බේ. පහ­ර­දීම සිදු­වන අව­ස්ථාවේ දී කිසි­වකු පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට දුර­ක­තන පණි­වු­ඩ­යක්දී සිද්ධිය දන්වා තිබේ. ඒ අනුව නාරා­හේ­න්පිට පොලි­සියේ ජංගම ජීප් රිය යොමු­කර තිබේ. ඒ අව­ස්ථා­වේදී පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර අනෙක් අය පසුව භාර­යට ගන්නා ලදි.

සිද්ධි­යෙන් පසු රෝහ­ල්ගත කර සිටි මර­ණ­කරු දින කිහි­ප­ය­කට පසු මිය ගියේය.

මත්ද්‍රව්‍ය ගනු­දෙ­නු­වක් සම්බන්ධ ආර­වු­ලක් මත නාරා­හේ­න්පිට හා තොට­ළඟ කල්ලි දෙකක් අතර කාලා­න්ත­ර­යක සිට පැවැති මත­භේ­ද­යක් අනුව මෙම ඝාත­නය සිදුව තිබේ. මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ නම්දරා ඇති අප­රා­ධ­ක­රු­වන් වන මොවුන්ට මනුෂ්‍ය ඝාතන චෝදනා ඇති බව නඩු විභා­ග­යේදී අනා­ව­ර­ණය විය.

මෙලෙස මරණ දඬු­වම නියම වූයේ, පිච්චෙයි වරුණ සම්පත්, අන්තෝනි මුත්තු නැපෝ­ලි­යන් පීටර් කෲස්, සුන්දර රාජා ප්‍රදීප් කුමාර්, සුන්දර රාජා ගනේෂ් කුමාර්, සුන්දර රාජා ශාන්ත කුමාර නොහොත් සුජීව නොහොත් සුජී, කොක්මා­දූ­වගේ සුරාජ් මධු­සංඛ යන එකම පවුලේ සහෝ­ද­ර­යන්, ඥාතීන් ඇතුළු විත්ති­ක­රු­වන් 6 දෙන­කු­ටය.

නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස නම් කර සිටි සුන්දර රාජ් සසි­කු­මාර් නොහොත් සුද්දා, කොක්මා­දූ­වගේ ප්‍රියන්ත පුෂ්ප කුමාර නොහොත් මහ­තුන් යන විත්ති­ක­රු­වන් නඩු විභා­ගය අත­ර­තු­රදී මර­ණ­යට පත්ව ඇත.

රජයේ අධි­නී­තිඥ ලිෂාන් රත්නා­යක මහතා පැමි­ණිල්ල මෙහෙය වීය. නාරා­හේ­න්පිට පොලි­සියේ කොස්තා­පල් යසිරු වීර­සිංහ මහතා (94534) ලේඛන ඉදි­රි­පත් කළේය.
(චන්දන ජය­වීර)