
රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් උරණව මුරුන්කන් පොලිසියේ පාලන අංශයේ උප පොලිස් පරීක්ෂකවරියක සමග බහින් බස්වී රාජකාරි ටී 56 ගිනි අවියකින් ඇයට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන මුරුන්කන් පොලිසියේ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකාර කොස්තාපල්වරයා පසුගිය 29 වැනිදා රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යොදවා ඇති අතර ඔහු රාත්‍රියේ පැමිණ රාජකාරී ටී 56 ගිනි අවිය ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
ගිනි අවිය ලබාගත් කොස්තාපල්වරයා රාත්‍රී ජංගම සංචාරයට නොයා, එහි පාලන අංශයට පැමිණ ඔහු ජංගම සංචාරයට යෙදවීමට උරණව එහි සිටි උප පොලිස් පරීක්ෂකවරියක සමග බහින් බස් වී ඇති බව පොලිසිය පවසයි. එම බහින් බස්වීමෙන් අනතුරුව සැකකරු රාජකාරි ටී 56 ගිනි අවිය ඇය වෙත එල්ල
කර වෙඩි තැබීමට සූදානම් වී ඇතැයි කියන අවස්ථාවේ
ඒ අසල රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ලකර අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් කොස්තාපල්වරයා පෙරේදා (30) සිට වැඩ තහනමට ලක්කර ඇත.මුරුන්කන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(ඉන්දිකා රාමනායක)
Comments
Post a Comment
Your comment will be visible after approval