
රුපියල් කෝටි හත හමාරක මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාඵ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.එම සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද මුදලින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 6000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.
විවිධ බැංකුවල ඒටීඑම් යන්ත්‍ර සඳහා තැන්පත් කිරීම සඳහා මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයක රියදුරු ලෙස සේවය කළ ප්‍රධාන සැකකරු ඉකුත් 18 වැනිදා මිනුවන්ගොඩ නගර මධ්‍යයේ දී වෑන් රථය සමග මුදල් කොල්ලකා අනෙක් සැකකරු සමග යතුරුපැදියකින් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.කොල්ල කන ලද මුදලින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගායකයකුගේ සහෝදරයකුට ලබාදී තිබූ අතර ඔහු එම මුදලුත් රැගෙන ඉකුත්දා (23 වැනිදා) විදේශගතව ඇතැයි පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
තවත් කෝටි 3-1/2 ක මුදලක් ප්‍රධාන සැකකරුගේ සමීප ව්‍යාපාරික මිතුරෙකුට ලබාදී තිබූ අතර එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම මුදල් ද මීට දින කීපයකට ඉහතදී සොයා ගැනිණ.ප්‍රධාන සැකකරු සහ සහායකයා මුදල් කොල්ලයෙන් අනතුරුව යාපනයට ගොස් බෝට්ටුකරුවකුට රුපියල් ලක්ෂ 25 ක මුදල් ලබාදී ඉන්දියාවට පලායාම සඳහා උත්සාහ දරා ඇතත් ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමගම පලායාමේ තැත නිෂ්ඵල වී යැයි පොලිසිය සඳහන් කරයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
Comments
Post a Comment
Your comment will be visible after approval