
පවුල් ආරවුලක් විසඳීමට මාවනැල්ල පොලිසියට ගිය ජෝඩුවක සැමියා පොලිස් නිලධාරින් ඉදිරියේදීම සිය බිරියගේ ගෙල කැපීම හේතුවෙන් ඇය මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි එක් දරු මවකි.
මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 21 හැවිරිදි එක් දරු මවක 40 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී සිටින බවත් දැනට යුවළට දරුවෙකු ද සිටින අතර සැමියා රැකියාවක් නොකරන බවත් කලක සිට ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පැවසීය.
මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල්
නොමැති අවස්ථාවේ දී කලක සිට 21 හැවිරිදි තරුණ බිරිය මහනුවර ප්‍රදේශයට රැගෙන
ගොස් ගණිකා වෘත්තියේ යොදවා මුදල් හරි හම්බ කරගෙන එම මුදල්වලින්
මත්ද්‍රව්‍ය පානය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.පසුව 21 හැවිරිදි එක්
දරු මව අවස්ථා ගණනාවක දී සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට පැමිණ
පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිලි දෙපාර්ශවය කැඳවා සමථයකට පත් කර
ඇති බවත් පොලිසිය පැවසීය.
තුවාලකාරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පෙරේදා (26) මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
(චමින්ද වැවතැන්න)
Comments
Post a Comment
Your comment will be visible after approval