
අධිකරණ කටයුත්තක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
අලුත්ගමගේ මහතා, අධිකරණ කටයුත්ත අවසන් කර එම භූමියෙන් පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් නැඟූ කිසිදු පැනයකට පිළිතුරු නොදී ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.
එම අවස්ථාවේ දී ඔහු පවසා සිටියේ, "මම දැන් නිදහස් පුද්ගලයෙක්...මාධ්‍යයට කතා කරන එක තේරුමක් නෑ..." යනුවෙනි.
ඔහුගෙන් නැවත නැවත ප්‍රශ්න විමසමින් කැමරා ශිල්පීන් ඇසූ දේ සියල්ල නෑසුණ ගාණට ගමන් කළ මහින්දානන්ද වාහනයට නැගී ඉගිළ ගියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval