kompanna-weediya-brothel-raided

කොළඹ කොම්ප­ඤ්ඤ­වී­දිය ආර­ක්ෂක විද්‍යා­ලය ආස­න්නයේ මහල් නිවා­ස­යක දීර්ඝ කාල­යක් තිස්සේ මහා පරි­මා­ණ­යෙන් පව­ත්වා­ගෙන ගිය ගණිකා නිවා­ස­යක් වටලා එහි කළ­ම­නා­කරු සමඟ සුරූපී කාන්තා­වන් නව දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව පාන­දුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය පව­සයි.



මෙම කළ­ම­නා­කරු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් පන්සි­යක්ද පොලි­සිය භාර­යට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ උප පොලිස් පරී­ක්ෂක චතු­රංග මහ­තාට ලද තොර­තු­ර­කට අනුව බුද්ධි අංශයේ පො. සැ. 409 විජේ­රත්න හා පො.කො. 39850 යන නිල­ධා­රින් විසින් ආවේ­ක්ෂණ රාජ­කා­රියේ යෙදෙ­මින් තොර­තුරු තහ­වුරු කර ගැනී­මෙන් පසුව අධි­ක­ර­ණය මඟින් ලබා­ගත් සෝදිසි වරෙ­න්තු­වක් මත මෙම වැට­ලීම සිදු­කර තිබේ.



මෙම නිවා­සය මහල් හත­ර­කින් සම­න්විත වන අතර දිවා රාත්‍රී පැය විසි හතර පුරාම ගණිකා සේවය ලබා දෙන බව පොලී­සිය විසින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

මීට අම­ත­රව මෙම කාන්තා­වන්ට නැව­තීමේ පහ­සු­කම් ද ලබා­දෙන අතර කළ­ම­නා­කරු විසින් ඔවුන්ට අවශ්‍ය නම් අයිස් මත්ද්‍රව්‍යද සප­යන බව පොලී­සිය පව­සයි.

රුපි­යල් පන්දාහේ සිට ඉහළ මිල ගණ­න්ව­ලට සේවා­වන් සප­යන මෙම කාන්තා­වන් අග­නු­වර ප්‍රධාන කාර්යා­ල­වල සේවය කරන අය­වන අතර ඔවුන් බදුල්ල, මාතර, මහ­නු­වර, අනු­රා­ධ­පුර, කඩ­වත, කිරි­බ­ත්ගොඩ, කිරු­ළු­පන යන ප්‍රදේ­ශ­වල පදිංචි අවු­රුදු 22 සිට 45 අතර වය­ස්වල පසු­වෙන කාන්තා­වන් බව පොලී­සිය පව­සයි.

මෙම මහල් නිවා­සයේ නවා­තැන් පහ­සු­කම් සැප­යී­ම­ටද වෙනම කාමර පිළි­යෙල කර ඇති අතර මෙම මහල් නිවා­සයේ මහල් හත­රම සම්පූ­ර්ණ­යෙන්ම මෙම ගණිකා වෘත්තිය සඳහා යොදා ගැනී­මට කට­යුතු කර තිබෙන බව පොලීසිය පව­සයි.



අත්අ­ඩං­ගු­වට ගත් කළ­ම­නා­කරු කොම්ප­ඤ්ඤ­වී­දිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකු වේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍ය­ක්ෂ සම­න්ති­ලක වැලි­විට මහ­තාගේ නියෝග හා අධී­ක්ෂ­ණ­යෙන් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් උප පොලිස් පරී­ක්ෂක චතු­රංග, පො.කො. 89059 පෙරේරා, 93425 ධනුෂ්ක, 97342 දිසා­නා­යක, 104547 කුරු­කු­ල­සූ­රිය,100677 ලක්ෂිත,102352 දිල්හාර, කා.පො.කො. 13103 සමිතා, පො.කො.රි. 80132 උදේෂ් යන නිල­ධා­රීහු මේ පිළි­බඳ විම­ර්ශන සිදු කළහ.
(හල්තොට  - විනීතා මානෙල් ගමගේ සහ දෙහිවල එච්. එම්. ධර්මපාල)