
රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන අටක් සහ එනසාල් කිලෝ 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙක් ඉකුත්දා (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු 01 දින රාත්‍රී 06.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මොහු සියලුම නිෂ්කාශන කටයුතු නිම කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී, කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එහිදී නවීනතම වර්ගයේ ජංගම දුරකථන සහ එනසාල් තොගය රෙදි වලින් ආවරණය කර තම ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී ,
ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළපොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 44598 පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන 106093 සමෝද් සහ 93465 ප්‍රසාන්ත යන නිලධාරීහු විමර්ශන සිදු කරති.මේ වනවිට මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් පියවර ගනු ලැබ ඇති අතර අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval