
කළුතර දකුණ පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල් රියැදුරකු බීමතින් පොලිස් ස්ථානයේ නවතා තිබුණු ජීප් රථයකට වී නිදාගෙන සිටීම නිසා ඔහුට විනය පියවර ගැනීමට ස්ථානාධිපතිවරයා ක්‍රියා කර ඇත.
පොලිස් කොස්තාපල් රියැදුරකු වන මෙම නිලධාරියා සතුව වලංගු රියැදුරු බලපත්රය ළඟ නැති වීම හේතුවෙන් පසුගිය 19 වෙනිදා ඔහුව පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබී ඇත.
රාත්‍රී කාලයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සිය පොලිස් වසමේ මාණ්ඩලික සංචාරයක් සඳහා පිටව ගොස් නැවත පැමිණෙන විට පොලීසියේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරයා නැති බව පෙනී ගොස් ඇත. ඒ ගැන සොයාබැලීමේදී පෙනී ගොස් ඇත්තේ ඔහු බීමතින් ජීප් රථයක රියැදුරු අසුන මත නිදාගෙන සිටි බවය.
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව පෙරේදා (21) සිට ක්රියාත්මක වන පරිදි මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.
(ගයාන් කුමාර වීරසිංහ)