
යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම 17 ඉඳිකටුව ලකුණින් තරග කළ වෛද්‍ය අර්චුන රාමනාදන් මහතා මනාප ඡන්ද 20,487ක් ලබා ගත්තේය.
වෛද්‍ය අර්චුන මහතා ස්වාධීන 17 කණ්ඩායමෙන් තරග කර ආසන 1ක් ලබා ගත්තේය.
ඔහු අද දින පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ නායක වරයාට හිමි ආසනයේ වාඩි වූ පසුව පාර්ලිමේන්තු සේවකයින් එතැනින් වෙනත් තැනකට යන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අද දිනයේ රිසි තැනක මන්ත්‍රීවරුන්ට වාඩිවන්නට හැකි බවටත් අසුන පැනවීම ඊළඟ පාර්ලිමේන්තු දිනයේ සිට නිසි ක්‍රමවේදයට කරන බවටත් මහලේකම්වරිය දන්වා තිබූ අතර ඔහුගෙ තර්කය වූයේ එම කාරනාවය.
කෙසේ වෙතත් ගෞරවයක් ලෙස විපක්ෂ නායක අසුන අගමැති අසුන සභානායක අසුන ආදිය වෙනත් අය වාඩි නොවීම සම්ප්‍රදායයි.
නවක මන්ත්‍රීවරයා කියා සිටියේ තමා පක්ෂ වලින් ආ කෙනෙකු නොවන බවත් තමා ස්වාධීන බවත් ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රී ලෙස තමාව හඳුනාගැනීමද වැරදි බවයි. වේත්‍රදාරීන් දෙතුන්දෙනෙකු කළ ඉල්ලීම ඔහු ඉවත දැමූ අතරම ඔහුගේ මෙම ක්‍රියාව වීඩියෝගතවී සමාජ ජාලා තුළටද ඇතුළුවිය. සමාජ මාධ්‍ය තුළට ගිය වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval