
ගණිත විෂයය උගන්වන මුවාවෙන් 14 සහ 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු අපයෝජනය කළ හොරණ, වගවත්ත ප්‍රදේශයේ පාසලක ගණිත ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. අදාළ සිද්ධිය පිළිබඳ කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථන පණිවිඩයක් අනුව ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර වින්දිත දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා පෙරේදා (29දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු විසින් විද්‍යාලයේ ගුරු විවේකාගාරයේදී සිසුවියන් අපයෝජනයට ලක් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කියක්ද පොලීසියට ඉදිර්පත්ව තිබූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. වින්දිත සිසුවියන්ගේ ප්‍රකාශ හා ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශ අනුව, අපයෝජනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval