
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.
ඒ අනුව මනාප ප්‍රතිඵල මෙසේය.
ජාතික ජන බලවේගය (ආසන 14)
- හරිනි අමරසූරිය 655,299
- චතුරංග අබේසිංහ 127,166
- සුනිල් වටගල 125,700
- ලක්ෂ්මන් නිපුන ආරච්චි 96,273
- අරුණ පනාගොඩගේ 91,081
- එරංග ගුණසේකර 85,180
- හර්ෂණ නානායක්කාර 82,275
- කෞශල්‍යා ආරියරත්න 80,814
- අසිත නිරෝෂන 78,990
- මොහොමඩ් රිස්වි 73,018
- සුසන්ත දොඩාවත්ත 65,391
- චන්දන සුරියආරච්චි 63,387
- සමන්මලී ගුණසිංහ 59,657
- දේවානන්ද සුරවීර 54,680
සමගි ජන බලවේගය (ආසන 4)
- සජිත් ප්‍රේමදාස 145,611
- හර්ෂ ද සිල්වා 81,473
- මුජිබුර් රහුමාන් 43,737
- එස්.එම් මරික්කාර් 41,482

Comments
Post a Comment
Your comment will be visible after approval