
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරීණ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාල ලිපි ලේඛන සහ යතුරු භාර දීම මෙහිදී සිදු විය.
අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වෛද්‍ය ඒකකය සතු මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් අනතුරුව මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval