
ගිරානේගම ප්‍රදේශයේ අවමංගල උත්සවයක් පැවැති නිවෙසක බූරුවා ගසමින් සිටි දස දෙනකුට ආසන්න පිරිසක් ගිරානේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් පොලිස් සිර මැදිරියේ බූරුවා ගැසීමට සැලැස්වීමේ චෝදනාවකට අත්අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනකු රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියම කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරානේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එච්. ප්‍රභාත්, රාත්‍රි කාර්ය භාර පොලිස් සැරයන් ආඬියාගම ජන උදාන ගම්මානයේ විල්බට් පෙරේරාගේ සමින්ද ගිම්හාන් සහ රාත්‍රි උපසේවක කැකිරාව, මහඇලගමුවේ පොලිස් කොස්තාපල් ඉහළ වෙලේ ගෙදර නිශාන්ත ලක්මාල් විජයබණ්ඩාර නමැති තිදෙනාය.
ඉකුත් ජූලි 19 වෙනිදා රාත්‍රි ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයක් පැවැති නිවෙසක් අසල රාත්‍රි කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගසමින් සිටි) නිරතව සිටි දස දෙනකුට ආසන්න පිරිසක්
ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට කැඳවා ගෙන ගොස් සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ රඳවා බූරුවා ගැසීමට සැලැස්වූ බවට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (11) පෙරවරුවේ අනුරාධපුර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් මොවුහු අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
(දයාරත්න ඇබෝගම)
Comments
Post a Comment
Your comment will be visible after approval