
දීපවාලී අවුරුදු සමරමින් නෑදෑ නිවසකට යෑමට සූදානම්ව සිටි මව පියා අතර සිටි වයස අවුරුදු දෙකයි මාස එකොළහක පිරිමි දරුවෙකු පියාට අයත් රන් භාණ්ඩ වෙළඳ සැලක තිබූ රන් ඔපදැමීමට ගන්නා (කොපර් අම්ලය)රසායනික දියර වර්ගයක් පානය කිරීමෙන් එම දරුවා මිය ගොස් ඇති බව ගම්පොළ ගලහා පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලහා දෙල්තොට පදිංචි ප‍්‍රදීපන් රත්නීස් නැමති දරුවායි. දරුවාගේ පියා රාජමනී ප‍්‍රදීපන් (අවුඃ38) යන අය දෙල්තොට නගරයේ රන්භාණඩ වෙළෙඳ සැලක් පවත්වාගෙන යනු ලබයි.
ඔහුගේ බිරිඳ වන අල්ලිරාණි (අවුඃ30) යන අය සිය දරුවන් තිදෙනා සමඟ අවුරුදු නෑදෑ ගමන් යෑම සඳහා සවස පහට පමණ මෙම වෙළඳ සැල වෙත පැමිණ ඇත. මොවුන් කතා බස් කරමින් සිටියදී කුඩා දරුවා ඒ අසල තිබූ රන් භාණ්ඩ පිරිසිදු කිරීමට ගන්නා කොපර් අම්ලය පානය කර ඇත.
එසැණින්ම එම දරුවා බිම වැටී ඇති අතර මොවුන් දරුවා දෙල්තොට රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී දෙල්තොට රෝහලේ වෛද්‍යවරුන් දරුවා බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ටික වේලාවකින් දරුවා මියගොස් තිබේ.
(ගම්පොළ සුරංග දිල්හාන්)

Comments
Post a Comment
Your comment will be visible after approval