
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය පොලිස් වසමේ දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ව්‍යාජ අංක තහඩු සවිකර ගරාජයක් තුළ සඟවා තිබියදී තෙල්දෙණිය කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිිිණි.
(ෂේන් සෙනෙවිරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval