
මහනුවර, ගලගෙදර දහවන කණුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් නාය යෑමට ලක්වී හදිසියේ කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාප්ත වෙමින් පවතී. මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගය අසල පිහිටි
මෙම ගොඩනැගිල්ල මාර්ගයෙන් පසෙකට වන්නට බෑවුමක ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබී ඇත. පවතින අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගොඩනැගිල්ල පිහිටි බිම් කොටස නාය යෑමට ලක්ව කඩා වැටෙන ආකාරය මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරයි.නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීමේදී විශේෂ ඉංජිනේරුමය සැලසුම් අනුගමනය කළ යුතුවීමත්,
ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් නිසා ජීවිත හා දේපළ හානි සිදුවිය හැකිවීමත් මෙම අනතුරින් කියා දෙන අවවාදයයි.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval