
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රට වලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.
මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අනුව නැවත කැඳවන ප්‍රධාන නිලධාරීන් මෙසේය.
- අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා - වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස
- චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා - අනුර ප්‍රනාන්දු
- ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා - ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්
- සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා - එස්. එම්. ඒ. එෆ් මවුලානා
අනෙකුත් නිලධාරීන් මෙසේය.
අමෙරිකා එක්සත් ජනපදය
- නිශාන මනික් මුතුත්‍රිෂ්ණ - වොෂින්ටන් තානාපති කාර්යාලය
- තාරක දිසානායක - වොෂින්ටන් තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්
එක්සත් රාජධානිය
සෙනිය පුංචිනිලමේ - ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්
යුරෝපා රටවල්
- සහසු බණ්ඩාර - ප්‍රංශයේ පැරිස් නුවර තෙවැනි ලේකම්
- මෙකී වන්දිමා පෙරේරා - ඉතාලියේ රෝම නුවර තෙවැනි ලේකම්
- පණ්ඩුල ද සොයිසා - රුසියාවේ මොස්කව් හි උපදේශක
- අෂ්විනි හපන්ගම - නෙදර්ලන්තයේ හේග් හි උපදේශක
- ජනක රණතුංග - ජර්මනියේ ස්ටොක්හෝම් හි උපදේශක
ආසියා පැසිෆික් කලාපය
- දිනකා කාමලීන් ප්‍රනාන්දු පුල්ලේ - ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි තෙවැනි ලේකම්
- ආචාර්ය අන්වර් මොහොමඩ් හදානි - ඉන්දියාවේ නවදිල්ලි හි උපදේශක
මැද පෙරදිග
- ප්‍රියංගිකා දිසානායක - ලෙබනනයේ බෙයිරූට් හි තෙවැනි ලේකම්
- යමින් හිල්ම් මොහොමඩ් - තුර්කියේ අන්කාරා හි දෙවැනි ලේකම්
මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන්හි නිරත තවත් පිරිසක්ද ඉදිරියේදී කැඳවීමට රජය සැලසුම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval