
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානය තීරණය කර ඇත.
එම පක්‍ෂය ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගෙන ඇත.
දැනට අතරමග නතර වී ඇති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලට අදාල කරුණු විසි පහක් සම්බන්ධයෙන් ඊපීඩීපී නායකයන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා විවිධ වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු අමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඊපීඩීපී සංවිධානය පසුගිය ජනාධිපතිවරණයේදී සහය දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.
Comments
Post a Comment
Your comment will be visible after approval