
දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවල දි වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කළ වෙඩික්කරු වැලිකඩ බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.උඩවලව, කොළඹගේ ආර, කරමිටියාර පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.මොහු විසින් අදාළ වෙඩි තැබීමට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවිය සහ බෝර 12 වර්ගයේ ජීව උණ්ඩය හෝමාගම බ්‍රාහ්මණගම සැකකරු කුලී පදනම පදිංචිව සිටි නිවස තුළ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මස 18 වැනිදා සහ කොහුවල සරණංකර පාරේ ආපනශාලාවකට කඩා වැදී එහි හිමිකරු වන දෙහිවල නැදිමාල කඩවක පාරේ පදිංචිව සිටි නායගම් විශ්වඥානම් (43) වෙඩි තබා ඝාතනය කිරීම සහ එයින් දින 2 කට පසු 20 වැනිදා දෙහිවල කඩවක පාරේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි නගර සභා සේවකයකු වන කළුබෝවිල කඩවක පාරේ පදිංචිව සිටි අනුර කොස්තා (46) වෙඩි තබා ඝාතනය කිරීම සැකකරු කරයි.
එම ද්විත්ව ඝාතන විදේශ රටක සිටින කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට සැකකරු සිදු කර ඇතත් ඔහුට ලබා දී ඇත්තේ ලක්ෂ 11ක් බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලීසිය පවසයි.මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කොහුවල පොලීසිය මගින් පුද්ගලයන් දෙදෙනෙකු ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට පත් සැකකරු බස් රියැදුරෙකු ලෙස කටයුතු කර පසුව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී පාතාලයට සම්බන්ධ වී ඇතැයි පොලීසිය පවසයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval