
දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායකවරයා ඇතුළු පවුලේ පිරිසට ඡන්දයේ දීමෙන් වැළකී තිබෙන බව වාර්තා විය.
එයට හේතු වී ඇත්තේ උප නායකවරයා සංස්කෘතියේ අනන්‍යතාවය වන පොරව කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථයට පැමිණි බව පවසමින් මධ්‍යස්ථානය භාරකාර නිලධාරි , උපනායකවරයා හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීමකි.
ඒ හේතුවෙන් උප නායකවරයා ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙන අතර ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ආදිවාසි නායකවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳ නොදන්නා නිලධාරීන් මෙවන් ස්ථානවල ජන්ද රාජකාරී සඳහා මධ්‍යස්ථාන වලට දැමිමෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
මෙම සිදුවිම සම්බන්ධයෙන් දැඩි ලෙස අප්‍රසාදය පළ කර සිටින බව ආදිවාසි නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval