
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඇල්ල බලා ගමන් කරමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවක පට්ටිපොල, ඕහිය අතර බිම්ගෙය අසලදී සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී දුම්රියෙන් වැටී තුවාල ලබා ඇත. තුවාලකාරිය රෝහලට ඇතුළත් කර සිටී.
මෙසේ ඇද වැටී ඇත්තේ අවුරුදු 39ක අමෙරිකානු කාන්තාවකි. ඊයේ පස්වරු 5.16ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර
අනතුරින් තුවාල ලබූ මෙම කාන්තාව දියතලාව රෝහලට ඇතුළත්කර කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා තිබේ.
ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය බිංගෙයි ඇය ගැටුණ බවත් ඒ සමග බිමට වැටුණ බවත් ඇද වැටී බරපතළ තුවාල ලබා තිබූ බවත් හපුතලේ පොලිසිය පවසයි .
Comments
Post a Comment
Your comment will be visible after approval