
මුන්දලම පොලිස් වසමට අයත් අක්කර 412 ගම්මානයේ විදුලි සර වැදී අඹු සැමි යුවලක් මියගොස් ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
28 වැනිදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ සමරසිංහ ආරච්චිලාගේ ස්ටැන්ලි තිලකරත්න සහ ඔහුගේ බිරිඳ වන අවුරුදු 52 ක් වයසැති චන්ද්‍රිකා මල්කාන්ති නමැති අය වෙති.
මියගිය අය විසින් ජල මෝටරයට සම්බන්ධ විදුලි රැහැන්වල ඇති වූ දෝෂයක් සොයා බැලීමට ගිය අවස්ථාවේ විදුලිසර වැදී ඇති අතර එය දැක බිරිඳ ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයට ද විදුලිසර වැදී තිබේ.
මෙම සිද්ධියක් දැක ඔවුන්ගේ දියණියගේ ස්වාමිපුරුෂයා විසින් වියළි ලී දණ්ඩක්
ආධාරයෙන් විදුලි රැහැන් ඉවත් කර අඹුසැමි යුවල කඩිනමින් මුන්දලම රෝහලට රැගෙන ගිය ද ඒ වන විටත් ඔවුන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මහ රෝහල වෙත යොමු කළ බව පොලිසිය පවසයි.
මුන්දලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval