
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැන් අලුත් නියෝගයක් දීලා තියෙනවා. ඒ තමයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා 2025 පෙබරවාරි 25 වැනිදා උසාවියට එන්න ඕනේ කියලා.
බැඳුම්කර වංචාව ගැන මේ නඩුව පැවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. මේක 2015 දී වුණු මහ බැංකු බැඳුම්කර වංචාව ගැන. ජනාධිපති කොමිසමක් හොයලා බලලා කිව්වා මහේන්ද්‍රන් මහත්තයා තමන්ගේ බෑණා වෙන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට උදව් කරලා තියෙනවා කියලා.
ඒ උදව්ව නිසා ඒ සමාගමට රුපියල් බිලියන ගාණක් හම්බ වෙලා තියෙනවා.
ඒත් සිංගප්පූරු පුරවැසියෙක් වන මහේන්ද්‍රන් මහත්තයා මගුල් ගෙදරකට යනවා කියලා රටින් පිටවෙලා ගියා. ඊට පස්සේ එයා උසාවියට ආවේ නැහැ. ඒ නිසා නඩුව ඉස්සරහට ගෙනියන්න බැරි වුණා.
අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති (2015-2016) සිංගප්පූරු පුරවැසියෙක්. ඒ වගේ ඔහු දැනට රටින් පලා ගොස් සිටින අයෙක්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ මාමා වෙන්නෙත් ඔහුයි.
අර්ජුන් ඇලෝසියසුත් බැඳුම්කර වංචාවෙන් රුපියල් බිලියන ගණනක වාසි ලැබූ බවට චෝදනා ලැබුවා ඔහුගේ මෙන්ඩිස් සමාගම වැට් බදු පැහැරහැරීම නිසා දැනට සිරගතවී සිටින්නේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න නිකුත් කළ අලුත් නියෝගය අනුව ඔහු සොයා යන මෙහෙයුම ඉක්මණින් ඇරඹේවි. ඔහු පෙබරවාරි 25 නොපැමිණියොත් ජාත්‍යන්තර වරෙන්තු අනුව කටයුතු කරන්නට අධිකරණයට සිදුවේවී. මේ සැරේ තියෙන්නෙ වෙනස් ආණ්ඩුවක් මේ නිසා ඒ කටයුතු වලට තිබෙන බාධා අවමයි.
Comments
Post a Comment
Your comment will be visible after approval