
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙයි.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණ අතර මගහැරෙන දිනයන්හි පවත්වන විෂයන් වෙනත් දිනෙක පවත්වනු ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval